වසර කීපයක් තුළ ගම්පහ, කුරුණෑගල, මහනුවර දැවැන්තම පන්ති නිර්මාණයකළ,
පන්ති ආරම්භයේ පටන් කිසිවෙකුට නොදෙවෙනි අසමසම ප්‍රථිඵල බිහිකරන,
දිවයිනේ දැවැන්තම ජෛව පද්ධති තාක්ෂණවේදී පන්තිය.
කළුතර විද්‍යාලයෙන් හා මතුගම ආන්නද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු අ.පො.ස උසස් පෙළ සඳහා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා ප්‍රථම උත්සාහයෙන්ම ඉහල දිස්ත්‍රික් කුසලතාවයක් ලබාගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම ලැබූවකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය තුලදී ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධියක් හදාරණ ඔහු තම උපාධිය තුලදී ජෛව පද්ධති තාක්ෂණවේදය නිර්මාණය කල විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මගින් ජෛව පද්ධති තාක්ෂණවේදය සියළු විෂය සංකල්ප පිළිබඳ නිවැරදිව ඉතාම ගැඹුරින් හැදෑරු පුද්ගලයෙකුවන අතර තම උපාධිය දෙවන පන්තියේ සාමාර්ථයක් සමග සාර්ථකව නිමකල පුද්ගලයාය.
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය අවසන් කලපසු, වසර කීපයක් තුළ ගම්පහ, කුරුණෑගල, මහනුවර දැවැන්ත පන්ති නිර්මාණය කරමින් පන්ති ආරම්භයේ පටන් කිසිවකුට නොදෙවෙනි අසමසම ප්‍රථිපල බිහිකරන දිවයිනේ දැවැන්තම ජෛව පද්ධති තාක්ෂණවේදී පන්ති මෙහෙයවන ගුරුවරයා බවට පත් වී ඇත.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව තුළ පවතින, න්‍යායාත්මක විෂය කරුණු ඉතාම නිවැරදිව සරළ මට්ටමේ සිට ගැඹුරු මට්ටම දක්වා ළමයාට ඉගැන්වීම පන්තිය තුළදී සිදුකරන අතර සියළුම පාඩම් ඒකක සඳහා නිබන්ධන ලබාදීම සිදුකරයි.
උසස් පෙළ විභාගයේදී උසස් සාමාර්ථයක් ලබාගැනීමට ඉතාම වැදගත්වන ප්‍රායෝගික පරීක්ෂණ පාඩම් සමගම ළමයාට ආවරණය කිරීම සිදුකරන අතර මුලසිටම ළමයාට වෙන වෙනම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකරයි.
විභාග රටාව සඳහා ළමයා සූදානම් කිරීමට සෑම සති දෙකකට වරක්ම පන්තිය තුළදී ප්‍රශ්න පත්‍ර ළමයාට ලබාදෙන අතර විභාගය ආසන්නවනවිට ළමයාට ප්‍රශ්න පත්‍ර 100කට ආසන්න ප්‍රමාණයක් දක්වා සිදුකර විභාගයට මනාව සූදානම් කිරීම සිදුකරයි. එම සියළු ප්‍රශ්න පත්‍ර නිවැරදි ලකුණු ලබාදීමේ පටිපාටියට අනුව පරීක්ෂාකර ළමයාට ලබාදීම සිදුකරන අතර සියළු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමද සිදුකරයි.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරව තුළ පවතින ප්‍රායෝගික විෂය කරුණු ළමයාට මනාව ග්‍රහණය කරවීම සඳහා එම පාඩම් වලට අදාළ ක්ෂෙත්ර චාරිකා සඳහාද ළමයින් සම්බන්ධ කිරීම සිදුකරයි.